තමන් විසින් දරනු ලබන සියලුම පක්ෂ තනතුරුවලින් ඉවත් වූ බවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වා යැවූ බව එ.ජා.ප. කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ, අද (19දා) කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ජාවකදීය.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේ කුලී වාහන ධාවන බලපත් ගැටලුවක් මුල්කර ගෙන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා පළාත් සභා මන්ත්‍රීවරිය අතර ඇතිවූ මතබේදාත්මක හා ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ සිය ධුරිවලින් ඉවත්වී තිබේ.
සීදූව ප්‍රසාද්