(UPDATE) උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක අතිවූ උණුසුම්කාරී තත්ත්වය නිමාවට පත්විය. ඒ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා සියලුම මාධ්‍ය ආයතන නියෝජිතයන් අමාත්‍යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සම්බන්ධකර ගැනීමට තීරණය කිරීමත් සමගිනි
................................................................................................................................
උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් ඇමතිවරයා විසින් පවත්වන මාධ්‍ය හමුවකට විද්‍යුත් මාධ්‍යවලට ඇතුළත් වීමට අවසර නොදීමත් සමග එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය නියෝජිතයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. කෙසේ නමුත් පසුව විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන්ද අමාත්‍යාංශය තුළට නොගැනීමට අමාත්‍යවරයා කටයුතු කොට ඇත.