මීට කලකට පෙර පාඨලී චම්පික රණවක ඇමතිවරයා සඳහන් කළ කරුණක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ හෙළිදරව්වක් කිරීමට සූදානම් බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන ලේකම් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පැවිදි හඬ සංවිධානය විසින් නාරාහේන්පිට අභයාරාමයේදී අද (21දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,
"මම වගකීමෙන් මේක කියන්නේ, ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමියන් එක්ව කරගෙන ගිය වැඩක්. එම ව්‍යාපාරයේ හිටිය භික්ෂුවක් දැන් සිවුරු ඇරලා ඉන්නවා. ඒ දවස්වල එම භික්ෂූන් වහන්සේ චම්පික රණවක මුණගැහිලා යන ගමන් මගේ පන්සලටත් ආවා.
ඒ වෙලාවේ ඒ භික්ෂුව කිව්වා අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම මරලා දාන බවට චම්පික රණවක ප්‍රකාශ කළ බව. ඉස්සෙල්ලාම මරන්නේ අපිත් එක්ක ඉඳලා අයින් වුණ අය බවද චම්පික කියූ බව ස්වාමීන් වහන්සේ මා සමග පැවසූවා. මෙන්න චම්පිකගේ දර්ශනය. මම මේවා වගකීමෙන් කියන්නේ" යනුවෙන් පවසා සිටියහ. මේ සම්බන්ධව අධිකරණය හමුවේ වැඩිදුර කරුණු ප්‍රකාශ කිරීමට තමන් වහන්සේ සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.