ඇමති කාදර්ගේ විෂයට විරෝධයක්
උතුරු සංවර්ධන, නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි ශ්‍රී ටෙලෝ සංවිධානයේ මහලේකම් පී. උදයාරාසා මහතා පැවසීය.
එහිදී වත්මන් රජය බලයට ගෙන ඒමට වැඩි වශයෙන්ම සහාය ලබා දුන්නේ උතුරේ දෙමළ ජනතාව බැවින් මේ වන විට උතුරේ දෙමළ ජනතාව ජනාධිපතිවරයාට අමතක වී ඇති බවත් හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු ධර්මය පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකුට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් හෙතෙම පවසයි.
රජයේ වගකීම් විරහිත බව මේ තුළින් ඉස්මතු වන අතර පැවති රජයන්ට වඩා අදූරදර්ශී ක්‍රියාවන් වත්මන් රජය සිදු කරන බවත් හින්දු කටයුතු විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේද හවුල්කාර පක්ෂ විසින් මෙම නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව දැඩි විරෝධයක් පළ කොට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

