වයඹ පළාත් සභා සංකීර්ණය අසලින් ඇතාගලට පිවිසෙන පියගැටපෙළ ආසන්නයේ පිහිටි ඇතාගලෙහි විශාල පර්වතයක් ඊයේ (19දා) රාත්‍රියේ ස්ථාන දෙකකින් පිපිරීම්වලට ලක්ව ඇත.
ගල්පර්වතයේ ස්ථාන දෙකකට පිපුරුම් සිද්ධි වී ඇති අතර, එම පිපුරුම ගලේ මීටර් පහකට වැඩි දුරකට පැතිර ගොස් තිබේ. පිපිරුම සිදුවූ ස්ථානයේ සිට වයඹ පළාත් සභා සංකීර්ණයට ඇතිදුර මීටර් පහකට ආසන්නය.
ගල්බෝරයක් පුපුරා යන ආකාරයේ මහා ශබ්දයක් නගමින් මෙම ගල පුපුරා ගිය බවත්, ගලේ කැබලි බොහෝදුරට විසිවී ගොස් තිබුණු බවත් ගල පුපුරා ගිය ස්ථානයට ආසන්නව වෙළෙඳාමෙහි නිරතව සිටින පුද්ගලයෙක් පැවසීය.
ගල පුපුරා ගිය ස්ථානයට පෙනෙන දුරින් කුරුණෑගල සුවිසල් ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලය ගබඩා කිරීම සඳහා චීන සමාගමක මගින් ඉදිකෙරෙන ජලටැංකිය ඉදිකිරිමේ කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, එම ටැංකියේ පාදම ඉදිකිරීම සඳහා දමන ලද ගල් වෙඩි මෙම ගල පුපුරා යාමට හේතුවක් විය හැකි බව ප්‍ර‘දේශවාසීහු සැක පහළ කරති.
කොපමණ උග්‍ර අව් රශ්මියක් පැවතියද වසර දහස් ගණනාවක් පැරණි ඇතාගල මින් පෙර මේ ආකාරයට පිපිරීමට ලක්ව නොමැති බවද ප්‍ර‘දේශවාසීහු පෙන්වා දෙති.