කටාන ශ්රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහර ඊයේ (11දා) වීථි සංචාරය කරන අතරතුරදී එහි ගමන් කළ ඇතින්නක් කලබලයට පත්ව සිදුකළ පහරදීමකින් පෙරහරේ ගමන් කළ හිමිනමක් අපවත් වී ඇති බව කොච්චිකඩේ පොලීසිය පවසයි.
කලසැන්දෑවේ රාහුල හිමියෝ මෙසේ අපවත්වී සිටිති.
ඇතින්නගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ උන්වහන්සේ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (12දා) අලුයම අපවත් වී ඇත.
කොච්චිකඩේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.