මේ වන විට ලෝව පුරාම විශාල අර්බුදයක් පවතින බවත් ඇතැම් විට වැට් බදු වැඩි කිරීමට සිදුවෙනු ඇති බවත් අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ගලේවෙලදී අද (09දා) පැවැති උත්සවයක් අමතමින් අග්රමාත්යවරයා මේ බවද ඔහු ප්රකාශ කළේය. අනිත් අයගේ පව් වත්මන් රජයටට ගෙවීමට සිදුව ඇති බවත් 2023 වන විට ණය ගෙවා අවසන් වීමට හැකි බවත් අග්රමාත්යවරයා සඳහන් කළේය.
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සඳහා කවුරුන් විසින් මුල්ගල තැබුවද වත්මන් රජය පත්වීමෙන් පසු මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුල්ගල තබා රජය විසින් මුදල් ලබා දීමෙන් පසු එය ඉදිකිරීම් සිදුකර අවසන් කිරීමට හැකිවූ බවද අග්රාමාත්යවරයා ප්රකාශ කළේය.