අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගියදා පිපිරී ගිය ආකාරයෙන්ම ඇතාගලේ කුමන කොටසක් යම්කිසි කාලයකදී නැවත පිපිරීමට ලක්විය හැකි බව ජාතික ඉදිකිරීම් හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අංශයේ අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
පිපිරීමට ලක්වූ ඇතාගලේ කොටස ඉන් පසුව පැතිර ගොස් නොමැති බව පෙන්වාදුන් ඒ මහතා, මේ ආකාරයට මීට වසරකට පමණ පෙර යාපහුව, තට්ටඹුවාව ගල් පර්වතය අධික උෂ්ණත්වය හේතුවෙන් පිපිරීමකට ලක්වූ බවද පැවසීය.
ඇතාගල ගල් පර්වතය සමග ගල් පර්වත රාශියක් කුරුණෑගල නගරය ආශ්‍රිතව පොළොව අභ්‍යන්තරයේ සිට මතුපිටට විශාල ප්‍රදේශයක පැතිර පවතින බවත්, මේවා සියල්ලම එකම පාෂාණ වර්ගයකට අයත් බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේය.