බලපත් නොමැතිව ඇත්දළ ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පින්නදූවේදී ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (07 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී අඩි 03 අඟල් 04 ක් දිග ඇත්දළ යුගලක් ඇති බවත්, සැකකරුවන් වයස අවුරුදු 31 හා 38, 53 වයස්වල පසුවන පෝද්දල පින්නදූව ප්රදේශයේ පදිංචිකරුවන් වන බවත් පොලිස් මූලස්ථානය පවසයි.