දළදා පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැසක් අත්අඩංගුවට ගැනීමට යන බව දැනගන්නට ඇති හෙයින් එසේ කිරීමට ඉඩනොදෙන්නැයි ඉල්ලා සිටීමට මහනුවර ඇසළ පෙරහැරේ ගමන්ගන්නා අලිඇතුන් රැකබලාගන්නා ඇත්ගොව්වන් හා ඔවුන්ගේ සහයකයින් 60 දෙනෙක් පමණ අද (28) අස්ගිරි මහානායක පුජ්‍ය ගලගම අත්තදස්සී මහනාහිමියෝ හමුවීමට පැමිණියහ.
අලිඇතුන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් තමන්ගේ රැකියාව අහිමිව යෑමේ අවදානමක් ඇතිවන බවත් මහනාහිමියන් හමුවීමෙන් පසු ජනපති හමුවීමටත් අදහස්කරසිටින බවත් ඔවුහු පැවසූහ.
මහනාහිමියෝ මේපිළිබඳව පසුව පිළිතුරක් ලබාදෙනබව පවසාතිබේ.