ආණ්ඩුවේ ඉන්න ඇට්ටැඹිරාළලා සහ සට්ටැඹිරාළලා ගැන පාර්ලිමේන්තුවෙදී අදහස් පළවිය. අද (05) පැවති සභාවාරයට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා රජවාසලක් උදාහරණයට ගනිමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ සිටින සට්ටැඹිරාළලා සහ ඇට්ටැඹිරාළලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සේවය කරමින් සිටින බවයි.
එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින බොහෝ පිරිසක් පසුගිය ආණ්ඩුව සමයේදී ඇට්ටැඹිරාළලා සහ සට්ටැඹිරාළලා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අයට සේවය කළ බවයි.
පද්ම උදය ශාන්ත ගුණසේකර -
“ආණ්ඩුවේ ඉන්න අයට කියන්න ඕන කාරණාවක් තිබෙනවා. උල්පැන් සට්ටැඹිරාළලා හා සිහිල්පැන් සට්ටැඹිරාළ වශයෙන් සට්ටැඹිරාළලා වර්ග දෙකක් රජවාසලේ ඒකාලේ හිටියා. සට්ටැඹිරාළ කියන්නේ රජුගේ පස්ස හෝදන අය. රජුගේ පස්ස උණුවතුරෙන් හෝදන්න හිටියේ උල්පැන් සට්ටැඹිරාළ. සිහිල්පැන්වලින් හෝදන්න හිටියේ සිහිල්පැන් සට්ටැඹිරාළ.
ඒවිතරක් නෙමෙයි මේ අය වගේ ඇට්ටැඹිරාළලාත් හිටියා. රජවාසලේ වෛද්‍ය සභාවට ඒ කාලේ එක්ස්රේ කිරණ තිබුනේ නැහැ. උදේපාන්දර රජුගේ මළපහටික දිවෙන් ගාලා රසබලලා රජුගේ වෛද්‍ය සහතිකය ගෙනාවේ ඇට්ටැඹිරාළ. මේ ඉන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඇට්ටැඹිරාළලා. පස්ස හෝදන අය."
සුජීව සේනසිංහ
"අපි රාජපක්ෂ පාලන කාලයේදී සට්ටැඹිරාළලා විශාල ප්‍රමාණයක් දැක්කා. ඒ සම්බන්ධව අපිට වෙනම කතාකරන්න විවාදයක් අවශ්‍යයි. සට්ටැඹිරාළලා කොහේද හිටියේ, කොහොමද ඒ රාජකාරිය කළේ, කියලා කතාකරන්න අපිට විවාදයක් ගන්න පුළුවන්. හැබැයි සට්ටැඹිරාළලා එහේ වැඩි හින්දා ඒ අයට වෙලාව වැඩිපුර අවශ්‍යවේවි.
ඒ නිසා පැයක් විතර අපිට දීලා විනාඩි පහක් විතර ඔබතුමාලට දෙන්න වේවි . අපි දැක්කා රාජපක්ෂ මහත්තයාගේ කාලයේදී පාර්ලිමේන්තුවේදී සට්ටැඹිරාළලා වැඩකරපු ආකාරය. නාමල් බේබි නැගිටිනකොට එහෙන් නැගිටිනවා, සචින් බබා නැගිටිනකොට එහෙන් නැගිටිනවා. ඒනිසා ඒ සම්බන්ධව අපි කතානොකර සිටිමු."