තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුළු බද්ධකිරීම ලබන ජනවාරි මාසයේ සිට ජාතික රෝහලේදී ආරම්භකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
අද (14දා) දිනයට යෙදුණු ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් නෙළුම්පොකුණ රංගශාලාවේදී අමාත්‍යවරයා මේබව කීවේය.
තැලසීමියා රෝගීන්ට ඇටමිදුළු බද්ධය සඳහා විදෙස්ගතවීමේදී විශාල මුදලක් වැයකිරීමට සිදුවන බවත්, මෙරට සිටින අසරණ පවුල්වලට එය දරාගත නොහැකි මුදලක් බවත් ඔහු කීය.
ජාතික රෝහලේ මහල් අටකින් යුතු තැලසීමියා සංකීර්ණය ලබන ඔක්තෝබර් මාසය වනවිට විවෘත කරන බවත්, ඒ අනුව 2019 ජනවාරි මාසයේ සිට ඇටමිදුළු බද්ධ කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.