මහරගම, පන්නිපිටිය, නුගේගොඩ, හෝමාගම හා බත්තරමුල්ල ප්රදේශවල පිහිටි ඇගලුම් කම්හල් බිඳ දේපල සොරකම් කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්රශ්ණ කිරීෙමීදී ඔවුන්ගෙන් හෙළි කරගත් තොරතුරු අනුව සොරා ගන්නා ලද රුපියල් මිලියන 10කට අධික දේපල සොයා ගත් බව පොලීසිය කියයි. පසුගිය 28දා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 52 සහ වයස අවුරුදු 42 පසුවන මහරගම හා පන්නිපිටිය ප්රදේශවල පදිංචිකරුවන් බවත් කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන බවත් පොලීසයි වැඩිදුරටත් පවසයි.