ශ්‍රී ලංකාව සහ කොරියනු රජය අතර පවත්නා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් කොරියානු ජනරජ ආණ්ඩුව, කොරියානු අපනයන - ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ඇ.ඩො.මිලියන 300 ක සහනදායී ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.
මීට අදාළ ගිවිසුමකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ කොරියානු තානාපති වොන්-සෑම් චැන් මහතා අද (13දා) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.