උත්සව සමයේදී ප්‍රමිතියෙන් තොර ආහාර අලෙවි කරන්නන් පිළිබඳව 0112 635 675 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැති නම් තම බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කළ හැකි බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
උත්සව සමය නිමිති කරගෙන මහජන පරීක්ෂකවරුන් විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවද හෙතෙම පවසා සිටියේය.