සංචාරය කිරීම සඳහා ආසියාවේ සුදුසුම රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඒ පසුගිය සති අන්තයේදී චීනයේ පැවැති ආසියා හා ඔස්ට්‍රේලියා 2017 ලෝක සංචාරක සම්මාන උළෙලේදීය. ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් වෙනුවෙන් පවතින විවිධාංගීකරණය වූ සංචාරක අංගයන් හා සේවා හේතුවෙන් මෙම සම්මානය හිමිව තිබේ.
සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සමාගම් හා වෘත්තිකයන් අන්තර්ජාලය ආශ්රයෙන් පැවැත්වූ ඡන්දයක් අනුව මෙම සම්මානය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ, සෆාරි මෙන්ම සංචාරක ක්ෂේත්රයේ විනෝදාත්මක ක්‍රීඩා හේතුවෙන් තායිලන්තයට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට එමින් පවතින බවත් මෙහිදී සඳහන් වී තිබේ.