දකුණු ආසියාවේ වැඩිම වැට් බදු මුදල් වංචාව වන රුපියල් කෝටි 400 බදු මුදල් වංචාකොට සැඟව සිටියදී මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා බදු වංචාකරුවන් දෙදෙනා ලබන 10දා දඬුවම් ක්රියාත්මක කිරීම සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කොට ඇත.
ඔවුහු එදින තෙක් රිමාන්ඩ් භාරයට පත්කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා එදින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ අවුරුදු 280ක බර වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් බිලියන 6.3ක දඬ නියමව සිටින රසීඩ් මොහොමඞ් මුර්ෂිඩ් හා වසර 100 ක බර වැඩ ඇති සිර දඬුවම් හා රුපියල් බිලියන 2.4 ක දඬ නියම වූ නාගුර් අඩුමයි මොහොමඩ් නස්මි නමත්තැන්ය.