අවිස්සාවෙල්ල ආයෝජන ප්රවර්ධන කලාපයේ ඇඟළුම ආයතනයක සේවය කළ සේවකයින් 86 දෙනෙකු ආසාධිත තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
අද (05දා) පෙ.ව. 10.00 ට පමණ සේවකයින් මෙම ගැටලුවට මුහුණ දී ඇති අතර උදරාබාධය, ක්ලාන්තය හා වමනය යන රෝගී තත්ත්වයන් යටතේ ඔවුන් රෝහල් ගත කර තිබේ.
සේවිකාවන් 28ක් හා සේවකයන් 58ක් මෙම ගැටලුවට මුහුණදී ඇති අතර ආසාධිත තත්ත්වයට හේතුවන කුමක්දැයි මෙතෙක් අණාවරණය වී නොමැත.