නයිජීරියවේ ආවෘතිදාහය නැමැති රෝගය (මොළය හා කෂේරුකාව ආරක්ෂාවට ඇති තුනී පටලය තියුණු ඉදිමීමක් සහිතව ඇතිවන දැවිල්ල) පැතිරී යෑම හේතුවෙන් පුද්ගලයන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසිරා පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
මේ වන විට එම රෝගයෙන් පුද්ගලයන් 3000ක් පමණ පීඩා විදිති. 2009 වසරේ පටන් එම රෝගය හේතුවෙන් මියාගොස් ඇති නයිජීරියානුවන් සංඛ්‍යාව 10000ක් පමණ වෙති.
නයිජීරියාවේ සොකොටෝ ප්‍රදේශයේ රෝගී තත්ත්වය බොහෝ දුරට පවතින බවද අල්ජසීරා පුවත් සේවය පවසයි.