පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදීමට පැමිණි බවට සැකකරන කල්ලියකට අයත් පස් දෙනෙකු පෙරේදා (06දා) අත්අඩංගුවට ගත් බව චුන්නාගම් පොලීසිය පවසයි.
යාපනය, චාවකච්චේරි ප්රදේශයේ පදිංචිකරුවෝ පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
යාපනය මල්ලාකම් අධිකරණයේ පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණෙන රොක් කල්ලියේ නායක ධනු රොක් නමැත්තාට පහරදීමට ආවා කල්ලි සාමාජිකයට අයත් 9දෙනෙකු සූදානමින් සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව කරන ලද වැටලීමකදී ආවා කල්ලි සාමාජිකයන් 6 දෙනෙකු පලා ගොස් ඇති අතර ඉතිරි තිදෙනා පළමුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලින් පසුව තවත් ආවා කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සාමාජිකයන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව චුන්නාගම් පොලීසිය පවසයි.
චුන්නාකම් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.