යාපනය කොකුවිල් බටහිර ප්රදේශයේදී අද (10) දහවල් යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පහරදීමට පැමිණි පිරිසෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
කොකුවිල් බටහිර අරුගල්මඩම් ප්රදේශයේදී යතුරුපැදි දෙකකින් පැමිණි පස් දෙනෙකුගෙන් යුත් කණාඩායමක් මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් තරුණයන් දෙදෙනෙකුට මෙලෙස පහරදී තිබේ.
පහරදීම සිදු කරන අවස්ථාවේදී යාපනය පොලිස් නිලධාරීන් පිරිසක් විදි මුරසංචාරයක නිරතව සිට ඇති අතර එම නිලධාරීන් විසින් පැමිණි යතුරුපැදියක් සහ එහි සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ කොකුවිල් අරුගල්මඩම් ප්රදේශයේ පදිංචි බාලසිංහම් පහීධරන් හා රාසයියා ධනුජන් වන අතර ඔවුන් යාපනය රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
අදාළ පහරදීමට සම්බන්ධ වූ පිරිස් යාපනයේ ක්රියාත්මක වන ආවා කල්ලියේ සහ ධනුරොක් කල්ලිවල සාමාජිකයන් බවට සැකකරන අතරම පසුගිය දිනවලදී මෙම කල්ලි දෙක අතර අවස්ථා කිහිපයකදී ගැටුම් ඇති වූ බවත් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් යාපනය පොලීසිය සඳහන් කරයි.