අවා නමින් කල්ලියක් නිර්මාණය කරමින් යාපනයේ විවිධ ස්ථානයන්හි මංකොල්ල කෑම් සිදුකිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයින් 11 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (30දා) නියෝග කළාය.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් සෑම මසකම දෙවැනි ඉරිදා දිනයේදී යාපනය රහස් පොලිස් මූලස්ථානය හමුවේ පෙනී සිටින්නැයිද නියෝග කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික යළි දෙසැම්බර් මස 14 දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (30දා) නියෝග කළේය.