ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියේදී එළිදක්වනවා - අගමැති
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හා දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා ලබාදෙන අවස්ථා හා දිරිගැන්වීම් නුදුරේදීම එළිදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
නිරත දිග චීනයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතුළු ශ්‍රී ලංකා දූත පිරිස චොංඡිං මහනගර ආණ්ඩුව යටතේ පාලනය වන චොංඡිං විදේශ වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සමාගම සමග විශේෂ සාකච්ඡාවකට පෙරේදා (14 දා) සන්ධ්‍යාවේදී එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව සතුව ඇත්තේ සීමිත වෙළෙඳපොළක් බැවින් ලෝකයේ විවිධ රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂා කරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමගින් ශ්‍රී ලංකාව හරහා වඩාත් පුළුල් වෙළෙඳපොලකට පිවිසීමේ හැකියාව ආයෝජකයන්ට ලැබෙන බව ද මෙහිදී පෙන්වා දුන්නේය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

