දේශීය වගා කරුවන්ගේ අපතේ යන කෙසෙල් කඳන් වලට අගයක් එක් කරමින් එයින් ලබාගන්නා අපද්‍රව්‍යවලින් පලතුරු කල් තබාගත හැකි ඇසුරුම් ද්‍රව්‍ය නිර්මාණය කර ගත හැකි තාක්ෂණයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මගින් සොයාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය කැනඩා රජයේ ආධාර ඇතිව (International Development Research Centre-IDRC/ Global Affairs Canada- GAC) එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ සහ ද්‍රව්‍ය තාක්ෂණ අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර ඇත.
මෙම පරිසර හිතකාමී පළතුරු ඇසුරුම් දැනට භාවිත කරන දිරා නොයන ස්ටයිරෆෝම් ඇසුරුම් වෙනුවට භාවිත කල හැකි බවත්, පලතුරුවලට සිදුවන 40% ක පසු අසුවනු හානිය අඩු වශයෙන් 10% ප්‍රමාණයක් අඩු කර ගැනීමටත් මෙමගින් අවකාශය ලැබෙන බව කියයි.