ලෝක ආර්ථික නිදහස් දර්ශකයේ රටවල් 169 ක් අතරින් ශ්‍රී ලංකාවට 112 වැනි ස්ථානය හිමිව තිබේ. ඇමෙරිකාවේ heritage පදනම විසින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.
කෙසේ වෙතත් පසුගිය වසර හා සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස ක්‍රමයෙන් පහත වැටී තිබේ. 2016 වසරේදී එම දර්ශකයේදි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයේ පසුවිය.
ප්‍රධාන කරුණු හතරකට යටත්ව, නීතියේ ආධිපත්‍ය, රාජ්‍ය වියදම, බදු, මූල්‍යමය ස්ථායිතාව, ව්‍යාපාරික නිදහස, ශ්‍රමික නිදහස, වෙළද නිදහස, ආයෝජන නිදස ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.
මෙම දර්ශකය අනුව ආර්ථික නිදහස අවම රටක් ලෙස ශ්‍රී ලංකාව වර්ග කර තිබේ.
දකුණු ආසියාවේ ආර්ථක නිදහස අතින් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ භූතානය පමණි. අනෙකුත් සියලු රටවල් ශ්‍රී ලංකාවට පසුපසින් සිටියි. ඉන්දියාව 143 වැනි ස්ථානයේ පසුවෙයි.
ලෝකයේ ආර්ථික නිදහස් ඉහළම රටවල් ලෙස හොංකොං, සිංගප්පූරුව හා නවසීලන්තය ඉදිරියෙන් සිටියි.
එහි දකුණු ආසියානු රටවල් ශ්‍රේණිගත කිරීම මෙසේය.
භූතානය 107, ශ්‍රී ලංකාව 112, නේපාලය 125, බංග්ලාදේශය 128, පාකිස්තානය 141, ඉන්දියාව 143 මාලදිවයින 157, ඇෆ්ගනිස්තානය 163