ශ්‍රී ලංකාව තුළ ඇති කෙරෙන ආර්ථික සංවර්ධන කලාප 45 තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම්වලට ඇරයුම් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරකයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල්-නයිහාන් මහතා අද (04දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී මංගල සමරවීම මහතා මෙසේ පැවසීය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීම මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයන් සඳහා පාරාදීසයක් වූ අයුරින්ම එරට ආයෝජකයන් සඳහා පාරාදීසයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.
එමෙන්ම, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 250,000ක් පමණ එරට තුළ රැඳෙමින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන බව පවසා සිටි සමරවීර මහතා, සංක්‍රමණික කම්කරුවන්ගේ නිපුණතා මට්ටම වැඩි කිරීමට කටයුතු කරන අතරම, ඔවුන්ගේ ගැටලු පිළිබඳ අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය හා සහයෝගය වැඩිදියුණු කිරීමට අබුඩාබි සංවාදය හරහා අඛණ්ඩව සහයෝගය දක්වන බවද පවසා සිටියේය.