ශ්‍රී ලංකාවට ඉදිරියේදි මුහුණ දීමට කිසිඳු ආර්ථික අර්බූදයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා අද (20දා) පැවැති හමුවේදී ජනපතිවරයා මේ බව අනාවරණය කළේය.
"ඉතා පැහැදිළිව සහ නොබියව කියනවා ඉදිරි කාලය තුළ ආර්ථික අර්බුදයකට අපි යන්නේ නෑ. අපි දැන් හොඳ මාර්ගයකට ආර්ථික වශයෙන් පැමිණ තිබෙන්නේ. අගමැති, මම, අමාත්‍ය මණ්ඩලය, මහා බැංකුව සහ ආර්ථික විශේෂඥයින් මේ සියල්ල සමග අපි ආර්ථික ගමනක් ආරම්භ කර තිබෙනවා. අපේ විදේශ වත්කම් විශේෂයෙන් (ඩොලර්) බිලියන 05ක ප්‍රමාණයක් පමණ අද වන විට තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ එහි ඉහළ වර්ධනයක් ඇති වෙනවා."