ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා පෙරේදා ( 07දා) නාවික හමුදා මුලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරල් ජයන්ත පෙරේරා මහතා හමුවිය.
මෙහිදී නව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පිළිගැනීම සඳහා අචාර පෙළපාලියක්ද නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට උසස් නාධීක හමුදා නිළධාරීන් රැසක් ද සහභාගී වු අතරදෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.