ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මේ මස 15 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව ඇති නිසා එදින ආරක්ෂක අංශ කීපයක ප්‍රධාන තනතුරු කීපයක වෙනසක් සිදුවීමට නියමිත බව වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ කැමැත්ත මත අවශ්‍යනම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කෝලිත ගුණතිලක මහතාට වාර දෙකකදී වසර බැගින් වන සේවා දිගුවක් ලබාදිය හැකි වුවද, විශ්‍රාම යෑමෙන් අනතුරව ඔහුට තනාපති ධුරයක් පිරිනැමීමට සූදානම්වන බව රජයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
එසේ සිදුවුවහොත් මීළඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරු සඳහා සුදුසුකම් ලබන්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් අයෙකි. ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකීමේදී එම තනතුර හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින්නේ දැනට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතායි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට ක්‍රිශාන්තද සිල්වා මහතා සුදුසුකම් දැක්වුවද, මේවනවිටත් ඔහු යුද හමුදාපතිවරයා ලෙස අවස්ථා දෙකකදී සේවා දිගු දෙකක් ලබාසිටියි.
යම්හෙයකින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වුවහොත් මීළඟ යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට වැඩි ඉඩකඩක් පවතින්නේ යුදහමුදා මාණ්ඩලික ප්රධානීවරයාය.
ඒ අනුව යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මීළඟ යුදහමුදාපතිවරයා ලෙස පත්වීමට බොහෝදුරට ඉඩඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේජර් ජනරාල් මහේෂ් සේනානායක