හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් 500 ක් ඉවත්කළ බවට ප්‍රචාරය වුවත්, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා ආරක්ෂාව සඳහා යොදවා සිටින්නේ හමුදා සාමාජිකයන් 102 ක් පමණක් බවත් ඉන් 80 දෙනෙකු ආරක්ෂක කටයුතු සඳහාත් 22 දෙනෙකු පරිපාලන කටයුතු සඳහාත් යොදවා සිටින බව මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.