ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන ‘ආරක්ෂක සමුළුව - 2015’ සැප්තැම්බර් මස 01 සහ 02 යන දිනවල කොළඹ ගලදාරී හෝටලේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා විදේශීය නියෝජිතයන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් 62 ක පිරිසක් ඇතුළු ආරාධිතයන් 350 දෙනෙක් මේ සඳහා සහභාගීත්වය තහවුරුකර ඇතැයි යුද හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
‘ගෝලීය අභියෝග අබියස ජාතික ආරක්ෂාව’ යන ප්‍රධාන තේමාව යටතේ පවත්වන මෙවර සමුළුව සැසිවාර නවයකින් සමන්විතය.
‘රටක ජාතික ආරක්ෂාවට බලපාන තර්ජනවල ස්වභාවය’, ‘නැගී එන ලෝක ප්‍රවණතාවය’, ‘ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාවට ඇති අභියෝග’, ‘ජාතික ආරක්ෂාවට එරෙහිව පවතින සංග්‍රාමික නොවන අභියෝග’ ආදී අනු මාතෘකා එම සැසිවාරවල අඩංගු වන අතර, සම්පත්දායකයන් වෙනුවෙන් සැසියක්ද පැවැත්වේ.
ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහත්වරු සමුළුවේ මුඛ්‍ය දේශනය සහ සමාරම්භක දේශන පවත්වති.
2011 වසරේ දී රටවල් 60 ක විදේශීය නියෝජිතයන් 160 කගේ සහභාගීත්වයෙන් ප්‍රථමවරට ආරම්භ වූ මෙම සමුළුව පසුගිය වසරේදී රටවල් 55 කින් විදේශීය නියෝජිතයන් 148 දෙනෙක් සහභාගී වූහ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මේබව පැවසුයේ අද (26) කොළඹ ඉංජිනේරු බළකා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.