ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ආරක්ෂක සමුළුව සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින තුළ කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ගෝලීය තර්ජන අභියස ජාතික ආරක්ෂාව ( National Security in the Context of Emerging Global Threats) යන මාතෘකාව යටතේ දේශීය හා ජ්‍යාත්න්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ. මෙම සමුළුවේ දී ආරක්ෂාව පිළිබඳ ව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කරගැනීමට නියමිතය. මෙහිදී ජාතික, කලාපීය හා ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු ආශ්‍ර යෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනීමට අදාළ ජාතික සහ ජාත්‍යන්තර තලයේ විසඳුම් ද සාකච්ඡාවට ගැනීමට නියමිතය