ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඊයේ (23දා) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සංචාරයක නිරතවිය.
ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක,මාණ්ඩලික ප්‍රධානි මේජර් ජේනරාල් ලසන්ත වික්‍රමසූරිය යන මහත්වරුන් සහ අධ්යක්ෂ ජනරාල්වරුන් විසින් පිළිගනු ලැබීය.
මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සංවිධාන ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවදආරක්ෂක ලේකම්වරයා දැනුවත්කෙරිණි.