කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යවරයා යටතේ පැවතියද ඔහුට අවශ්‍ය පරිදි වෛද්‍ය උපාධි පිරිනැමීමට ඉඩදිය නොහැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා අද (23දා) දහවල් රජයේ වෛද්‍ය සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල පනත හා වෛද්‍ය නීතිය අතික්‍රමණය කරමින් නව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි.
ඒ අනුව සයිටම් අර්බුදය විසදීමේ තත්ත්වය වඩාත් බැරෑරුම් කරමින් සයිටම් රැක ගැනීම උදෙසා මෙම පනත හඳුන්වා දීමට රජය කටයුතු කරන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
ආරක්ෂ අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.