උතුරු ප්‍රදේශයේ ආරක්ෂක අංශ යටතේ පාලනය වන සියලුම පාසල් අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට සැලැස්මක් සකස් කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ප්‍ර‘දේශ තුළ කොතරම් පාසල් තිබේද යන්න වාර්තාවක් ලබාදෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය වී රාධා ක්‍රිෂ්ණන් මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
මීට අමතරව එම පාසල්වල පවතින අඩුපාඩු සොයා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමටත් සැලසුම්කර තිබේ.