මහාභාණ්ඩාගාරයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන පසුගිය ආණ්ඩුව විසින් 2005-2016 ආර්ථික සැලැස්මක් සකසා තිබුණු බවත්, මහාභාණ්ඩාගාරය තුළ දැනටත් එම නිලධාරින් සිටියද වත්මන් ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කිරීමට නොහැකිවී ඇති බවත් ලංකා බැංකුවේ හිටපු සභාපති උදය ශ්‍රී කාරියවසම් මහතා අද (17දා) පැවසීය.
නිසි නායකත්වයක් ලබාදෙමින් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කර නොමැති බැවින් ආයෝජන වේගය 50%කින් අඩුවී පොලි අනුපාතය හා උද්ධමනය ඉහළ ගොස් තිබෙන බවද හිටපු සභාපතිවරයා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රජය විසින් දිගුකාලීන ආර්ථික සැලැස්මක් සකස් කරනතුරු මුල්‍ය අර්බුදයෙන් නිදහස්වීමට නොහැකි බවයි.