වරාය සංවර්ධනයේදී ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් මුහුණදෙන ප්‍රධාන අභියෝගය ආයෝජන පරතරය බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාපැවසීය. සැලසුම්වලදී ඇතිවන ප්‍රමාදයද වරාය සංවර්ධනයේදී මුහුණදෙන ප්‍රධාන අභියෝගයක් වන බවදඔහුසඳහන් කළේය. චීනයේ පැවැති 06 වැනි ජාත්‍යන්තර යටිතල පහසුකම් ආයෝජන සහ ඉදිකිරීම් සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය. වරාය ආශ්රිත යටිතල පහසුකම් සංවර්ධනයේදී දකුණු ආසියානු කලාපයේදී ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් ඉටුකර ඇතැයිද අමාත්‍යවරයා එම සමුළුවේදී පෙන්වා දුන්නේය.