රජයේ වෛද්‍යවරුන්ට ලබාදෙන 2197 චක්‍ර‘ලේඛයේ සඳහන් දීමනා සහ සන්නිවේදන, පරිපාලන, විශ්‍රාම වැටුපට එකතු නොවනා දීමනා, පරීක්ෂණ දීමනා සියල්ල ආයුර්වේද වෛද්‍යවරුන්ටත් ලබාදෙන බවට වාර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුවත් මෙතෙක් එය ඉෂ්ට කර නොමැති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි 27 වැනිදා පැවැති සාකච්ඡාවේදී මෙම පොරොන්දුව ලබාදුන් අතර, එයට අදාළව කැබිනට් පත්රිකාවක්ද එදින සකස් කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය කේ.පී.ආර්.එච්. ගුණරත්න මහතා සඳහන් කළේය.
මෙලෙස සකස් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපි ගොනුවේ තබාගෙන ඇතැයි වාර්තාවන බවත්, එය කැබිනට් මණ්ඩලයට යොමු කර වහාම අනුමත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කළයුතු බවත් හෙතෙම පවසා සිටියේය.
එසේ නොවුණහොත් ආයුර්වේද වෛද්‍යවරු 1700කට හිමිවන දීමනා කිසිදිනක ලබාගැනීමට නොහැකි වන බවද හෙතෙම සඳහන් කළේය.