ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ වර්ග ලබාදීම නතර කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.හෙතෙම මේ බව පැවසුවේ, ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප්‍රාථමික සේවය සඳහා වෛද්‍ය පත්වීම් 107 ක් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"ආයුර්වේද උපාධිධාරීන් 900 ක් මේ වනවිට වෛද්‍ය පත්වීම් ලබාගැනීමට සුදානමින් සිටිනවා. ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ ලබාදෙන බව වාර්තා වී තිබෙනවා. එය ඔබ කරන්න එපා. එම ක්‍රමය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නවා.
දේශීය වෛද්‍ය ක්‍රමයට ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ඔබලා දේශීය වෛද්‍ය ක්‍රමය නඟාසිටුවන්න. දේශීය වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුන්ට වඩා වගකීමෙන් කටයුතු කරන්න. ආයුර්වේද සභාව, දෙපාර්තමේන්තුව වර්තමානයට ගැළපෙන ආකාරයට නිර්මාණය කරනවා." යනුවෙන් පැවසීය.