ආයුර්වේද වෛද්‍යවිද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන අතර ඒ සඳහා පාරම්පරික වෛද්‍යවරැන්ගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සතු රහස් වට්ටෝරු සඳහා පේටන්ට් බලපත්‍රය ලබාදී ඒවා අනාගත පරපුරට රැගෙන යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසුයේබ කොළඹ පැවති දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය අමතමිනි.