ආමි සම්පත් නැමැති පාතාල සමාජිකයා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ දී බන්ධනාගාර රියෙන් රැගෙන යමින් සිටි දෙමටගොඩ චමින්දට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අවශ්‍යව තිබූ බව පොලිසිය පවසන අතර පසුගිය ඡන්ද කාලයේ කොටහේනේ බ්ලූමැන්ඩල් වීදියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ මොහුයි.