තංගල්ල, පල්ලික්කුඩාව ප්රදේශයේ පදිංචිව සිටි පල්ලික්කුඩාවේ උක්කුවා හෙවත් ජයවීර පටබැඳිගේ ප්රසන්න ඉන්දික යන අය වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආමි අමිල නොහොත් අමිල නිරෝෂණ රාජපක්ෂ යන අය තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (02දා)සවසඅත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සතුව තිබූබෝර 12 ගිනිඅවියක් හා ජීව උණ්ඩයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
ඉකුත් ජූලිමස 26 වැනිදා තංගල්ල, පල්ලික්කුඩාව ප්රදේශයේ ඔහුට අයත් හෝටලය ඉදිරිපිටදී පල්ලික්කුඩාවේ උක්කුවා වෙඩි තබා ඝාතනය කර තිබිණි.