උඩුමහලින් ඇද වැටී මියගිය බව සඳහන් වන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයෙන් පසු විවෘත තීන්දුවක් ලබාදුන් බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.
මරණය සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම රස පරීක්ෂක වාර්තා හා පොලිස් පරීක්ෂණ වාර්තා සකස් වීමෙන් පසු සිදුවිය හැකි බවද ගල්කිස්ස පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
මීට අමතරව සරත් ආබෘෘ මහතාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම මේ මස 22 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
සරත් ආබෘෘ මහතා මියයන විට අධික ලෙස මත්පැන්පානය කර තිබෙන බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එච්.අයි.තුෂාර / ඉන්දික මනෝජ්කුරේ / දයාරත්න පතිරණ