වසර 12ක් හෝ ඊට ආසන්න සේවා කාලයක් ඇති ආබාධිත රණවිරුවන් සියලුදෙනාට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන සත්‍යග්‍රහයට අද (26දා) දිනට දින 14ක් ගතවී තිබෙන බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
සේවා විශ්‍රාම වැටුප මෙම සියලුදෙනාට ලබාදෙන බවට පොරොන්දු වුවද එම විශ්‍රාම වැටුප ලබාදෙන්නේ දහසකට ආසන්න ප්‍රමාණයකට බවද එම සංගමයේ සභාපති යූ.පී. වසන්ත මහතා සඳහන් කළේය.
එහෙත් 3000කට අධික පිරිසකට එම හිමිකම ලැබිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව මෙම රණවිරුවන්ට පාරිතෝෂිත දීමනාවක් ලබාදෙන බවට සඳහන් කළද එම පොරොන්දුවත් මෙතෙක් ඉටුකර නොමැති බව සභාපතිවරයා පවසා සිටියේය.
ජායාරූප - ශමීර රාජපක්ෂ