ආබාධිත රණවිරුවන්ට නියමිත පරිදි විශ්රාම වැටුප ලබාදිය යුතු බවත්, එසේ නොවේ නම් සටනක් ගෙනයායුතු බවත් නව සමසමාජ පක්ෂයේ ප්රධාන ලේකම් වික්රමබාහු කරුණාරත්න මහතා පැවසීය.
ඔවුන්ට විශ්රාම වැටුප් ලබාදුන් බවට ආණ්ඩුව පවසන නමුත් එය ප්රමාණවත් පරිදි ලැබී නැතැයි සෙබළුන් පවසන බවත්, විශ්රාම වැටුප නිසි පරිදි ලබාදී නොමැතිනම් රජය වහාම එය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුව හෙතෙම මේ බව කියා සිටියේය.
මේ අතර ආබාධිත රණවිරුන්ට යෝජිත සේවා විශ්රාම වැටුප ඉල්ලා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්යග්රහයට අද (22) දාට දින 9ක් ගතවී තිබේ.
මෙම ගැටලුව විසඳා ගැනීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන තෙක් මෙම සත්යග්රහය සිදුකරන බව එම සංවිධානයේ සභාපති යූ.ඩී.වසන්ත මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතාද අද දහවල් එම ස්ථානයට පැමිණ මෙම සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය.