එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය ඉතා ඉක්මනින් මෙරට නීතියක් බවට පත්කිරීමට රජය පියවර ගන්නා බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කර ඇති ප්රඥප්තියට ශ්‍රීලංකාව අස්සන් තබා වසර 08 කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව අපරානුමත කිරීම (පිළිගැනීම ) පිළිබඳ මෙම මාධ්‍ය හමුව පැවැත් වූ අතර , එහිදී ඇමතිවරයා සඳහන් කළේ, ආබාධ සහිත වුවන් තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සටන්කාමි බවක් පෙන්වීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවයි.
ඇමතිවරයා මේබව පැවසුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ය.