අයහපත් කාලගුණ තත්ත්වය නිසා මරණයට පත් වූ සංඛ්‍යාව මේ වන විට 37ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 21 දෙනෙකු අතුරුදන්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවාස 3000කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙන අතර, අවතැන් කඳවුරු 375 ක පවුල් 48998කට අයත් පුද්ගලයන් 223,687ක් රඳවා සිටී.