රටේ සිදුවන හදිසි ආපදා කටයුතු සම්බන්ධයෙන් වහාම දැනුම් දීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් හඳුන්වා දුන් 117 විශේෂ දුරකථන අංකය ක්‍රියාත්මක නොවන බවට වාර්තාවේ.
මෙම දුරකථන අංකය ක්‍රියාත්මක නොවන බවට 'අද' ට ලැබුණු මහජන පැමිණිලි කීපයකට අනුව 'අද' විසින්ද එම අංකය ඇමතීමට අවස්ථා කීපයක් උත්සාහ කළ අතර එහිදී එම අංකය සඳහා කිසිවෙකුත් ප්‍රතිචාර නොදක්වන බවට තහවුරු විය.