දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට ලක්ව තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එම පළාතේ පවුල් 40699 කට අයත් පුද්ගලයන් 179575 ක් පීඩාවට පත්ව සිටිති.
අවතැන් කඳවුරු 120 ක් තුළ පවුල් 28396 කට අයත් පුද්ගලයන් 132333 ක් රඳවා සිටින අතර, නිවාස 207 කට හානි සිදුව තිබේ.
දිස්ත්රික්කයක් වශයෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට ලක්ව තිබෙන්නේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 21111 කට අයත් පුද්ගලයන් 101080 ක් පීඩාවට පත්ව සිටිති.