පසුගියදා ඇතිවූ ආපදාවට ලක්වූ ජනතාවට රක්ෂණ වන්දි ලබාදීම සම්බන්ධව අද (06දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඒඅනුව ආපදාවට ලක්වූ ජනතාවට මුල් වාරිකය වශයෙන් රුපියල් 10,000 ලබාදිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව විසින් පසුගිය වසරේදී රුපියල් මිලියන 300 ක් සහ මේ වසරේදී රුපියල් මිලියන 500 ක රක්ෂණ වාරික ගෙවා ඇතැයිද හෙතෙම පවසා සිටියේය.